නුඹ මාගැන සිතන්නේ ද?
නුඹෙ ලෝකෙ මම සිටින්නේ ද?
මා කෙසේද ඒබව දැන ගන්නෙ
නුඹ මට ඒබව නොපවසන්නේ නම්...
සිතින් සිතා ඒබව පැතුව ද
මාළිගා අහස් උසට තැනුව ද
මා කෙසේද දන්නෙ නුඹෙ ආදරෙ මට,
නුඹගැන සිතා මසිත උමතුවෙලා
කාලය කෙසේ ගෙවෙනවාද කියා හැඟීමක් ද නැත.
නුඹෙ ලෝකෙ මම සිටින්නේ නම්
එතරම් සතුටක් මට කොහෙවත් නැත.
නුඹෙ ලෝකෙ මම සිටින්නේ ද?
මා කෙසේද ඒබව දැන ගන්නෙ
නුඹ මට ඒබව නොපවසන්නේ නම්...
සිතින් සිතා ඒබව පැතුව ද
මාළිගා අහස් උසට තැනුව ද
මා කෙසේද දන්නෙ නුඹෙ ආදරෙ මට,
නුඹ මට ඒබව හඟවන්නෙ නැතිනම්?
නුඹගැන සිතා මසිත උමතුවෙලා
කාලය කෙසේ ගෙවෙනවාද කියා හැඟීමක් ද නැත.
නුඹෙ ලෝකෙ මම සිටින්නේ නම්
එතරම් සතුටක් මට කොහෙවත් නැත.